Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th August 2017 15:01:28 Hours

‘තෘප්තීමත් හමුදා ජිවිතයක්’ වැඩසටහනේ තවත් අදියරක්

යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ධනාත්මක ආකල්ප සහ මානසික සෞඛ්‍ය වර්ධනය කිරීම සඳහා පවත්වනු ලබන තෘප්තීමත් හමුදා ජිවිතයක් වැඩසටහනේ තවත් අදියරක් බ්‍රහස්පතින්දා (03) වන දින වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 4 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ දී පවත්වනු ලැබීය.

දිනක් පුරා පැවති මෙම වැඩසටහන සඳහා කාන්තා නිලධරීනියන් 8 ක් සහ කාන්තා සෙබලියන් 201 ක් සහභාගි විය.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ තිළිණ මධුෂංක මහතා සහ රසික හදගොඩ ආරච්චි මහතා විසින් ළමා ආරක්ෂාව සම්බන්ධව දේශනයක් පැවැත්වු අතර, අනුරාධපුර රෝහලේ ලිංගාශ්‍රීත රෝග සහ එච්.අයි.වී මර්ධන ඒකකයේ වෛද්‍ය එච්.පී ලලිත් ප්‍රියංකර මහතා විසින් පුද්ගලික සනීපාරක්ෂාව හා සමාජ රෝග සම්බන්ධව දේශනයක් පවත්වනු ලැබීය.

මෙම වැඩසටහන යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් පවත්වන ලදී.

එමෙන්ම, මෙම වැඩසටහනේ තවත් අදියරක් කොළඹ 2 පිහිටි ආරක්ෂක සේවා විද්‍යාලීය ප්‍රධාන ශ්‍රවණාගරයේ දී මනෝවෛද්‍ය විශේෂඥ කර්නල් ආර්.එම්.එම් මොණරාගල සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ රසික හදගොඩ ආරච්චි මහතා විසින් එම පාසලේ ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමාපියන් සඳහා ‘දෙමාපියෝ සහ ළමුන්’ යන මැයෙන් දේශනයක් ද පවත්වනු ලැබීය.

Sneakers Store | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ