Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st July 2017 21:53:32 Hours

‘තෘප්තිමත් හමුදා ජිවිතයක්’ වැඩසටහනේ තවත් අදියරක් මුලතිව් හි දී

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ධනාත්මක ආකල්ප හා මානසික සෞඛ්‍ය වර්ධනය කිරීම සඳහා සංවිධානය කරනු ලබන ‘තෘප්තිමත් හමුදා ජිවිතයක්’ යන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩමුළුවක් බ්‍රහස්පතින්දා (27) දින මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ දී පැවැත්විය.

මෙම එක්දින වැඩමුළුව සඳහා එම මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් 40 ක් සහ සෙසු නිලයින් 1050 ක් සහභාගි වුහ.

මෙහිදි ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙහි සහකාර කළමනාකරණ පරිපාලන ජනක උදය කුමාර මහතා විසින් ‘ළමා ආරක්ෂාව’ පිළිබඳ දේශනයක් ද අනුරාධපුර ශික්ෂණ රෝහලෙහි ලිංගාශ්‍රිත රෝග හා එච්අයිවි මර්ධන ඒකකයේ ආයතන භාර වෛද්‍ය නිලධාරි වෛද්‍ය එච්.පී ලලිත් ප්‍රියංකර මහතා විසින් ‘පුද්ගලික සනිපාරක්ෂාව හා ලිංගාශ්‍රිත රෝග’ පිළිබඳ දේශනයක් ද පවත්වන ලදි.

Nike air jordan Sneakers | Men's Footwear