Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th May 2020 10:30:26 Hours

‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක් දියතලාව යුද්ධ හමුදා පුහුණු අණසක මුලස්ථානයේදී පවත්වයි

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත දියත් කරනු ලැබූ ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව ‘හරිතකරණ’ රුක් රෝපණ වැඩසටහනක් ඉකුත් සෙනසුරාදා (16) දින යුද්ධ හමුදා පුහුණු අණසක මුලස්ථාන පරිශ්‍රයේදී දියත් කරන ලදී.

මේ අනුව, යුද්ධ හමුදා පුහුණු අණසක මුලස්ථානයේ සේවයේ නියුතු භටපිරිස් කරද, දොඹ, මරන්, කොහොඹ, කෙන්හිද, මාදං, හීංමිදි, සීනිඉද්ද, කුඹුක්, කොස් සහ අලිපේර ඇතුළු දුර්ලභ ඖෂධ පැළ 500 කට අධික ප්‍රමාණයක් මෙම වැඩසටහන යටතේ රෝපණය කරනු ලැබීය.

අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික, යුද්ධ හමුදා පුහුණු අණසක මුලස්ථානයේ ආඥාපති සහ ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සුරාජ් බන්සජායා ගේ මූලිකත්වයෙන් දියත් කරනු ලැබූ මෙම වැඩසටහන සමාරම්භක ‘අඹ’ පැළයක් රෝපණය කිරීමත් සමගින් ආරම්භ විය.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා පුහුණු අණසක මුලස්ථානයේ බ්‍රිගේඩියර් පුහුණු බ්‍රිගේඩියර් ජේ.එම්.සී. ජයවීර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. Running sport media | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ