Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th October 2020 21:59:03 Hours

‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ මුලිකත්වයෙන් ගොවීන්ට කෘෂි උපකරණ තොගයක් බෙදාදෙයි

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව දියත් කරනු ලබන ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව යුද්ධ හමුදා කඳවුරු ආශ්‍රිතව ජිවත් වන ගොවිජනතාව අතර ආහාර බෝග වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කොමර්ෂල් බැංකුවේ අනුග්‍රහය ඇතිව පසුගියදා යුද්ධ හමුදා මූලස්ථානයේදී ලබාදුන් කෘෂි උපකරණ තොගය මධ්‍යම පළාතේ වෙසෙන ගොවි ජනතාව වෙත බෙදාදීම ඉකුත් සෙනසුරාදා (18) දින දියතලාව පිහිටි මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානයේදී සිදු කෙරිණි.

මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථාන බලප්‍රදේශයේ දිස්ත්‍රික් 6 ක වෙසෙන ගොවීන් 104 දෙනෙකු අතර රුපියල් මිලියන 5 ක වටිනාකමින් යුත් අත් ට්‍රැක්ටර් 2 ක් (Hand Tractors), මිනි කල්ටිවේටර් 2 ක් (Mini Cultivators), දියර ඉසින යන්ත්‍ර (Spray Machines), ජල පොම්ප (water pumps) ඇතුළු වගාකිරීම සඳහා අවැසි බීජ මෙලෙස බෙදාදෙන ලදී. යුද්ධ හමුදා කෘෂිකර්මික හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සම්බන්ධිකරණයෙන් පවත්වන ලද මෙම කෘෂි උපකරණ බෙදාදිමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා සහභාගි විය.

එම අවස්‍ථාවේදී, ‘කෘෂි බෝගවගා තරඟයෙන්’ ජයග්‍රහණය හිමිකරගත් මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත බලඇණි, පුහුණු පාසල් සහ ඒකක දිරීගන්වමින් බීජ හා කෘෂි උපකරණ ප්‍රදානය කල අතර දියතලාව යුද්ධ හමුදා ගොවිපලේ වැඩකටයුතු සඳහා දිරිගැන්වීමක් ලබාදීමේ අරමුණින් කුඩා ට්‍රැක්ටර් දෙකක් ද මෙහිදි ලබාදෙන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව දියත් කරනු ලබන ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව යුද්ධ හමුදා සාමාජිකයින් සහ යුද්ධ හමුදා කඳවුරු ආශ්‍රිත ජිවත් වන ගොවිජනතාව හා මහජනතාව අතර ආහාර බෝග වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එළවලු බීජ, ට්‍රැක්ටර්, යන්ත්‍රෝපකරණ ඇතුළු කෘෂි උපකරණ රැසක් කොමර්ෂල් බැංකුවේ අනුග්‍රහය ඇතිව පසුගියදා යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථායේ ප්‍රධානි වෙත ප්‍රදානය කෙරිණි.

ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ගොවීන්ට කෘෂි උපකරණ කූලීපදනම මත ලබාගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බැවින්, අතිගරු ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට සමගාමීව යුද්ධ හමුදා කඳවුරු අවට වෙසෙන ගොවි ප්‍රජාවන්ට බෝග වගා කිරීම සඳහා සහායවන ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් දිවයින පුරා පිහිටි සියලුම යුද්ධ හමුදා කඳවුරු වෙත උපදෙස් ලබාදී ඇත.

මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ පැවැති කෘෂි උපකරණ බෙදාදීමේ උත්සවයට සේනාංකාධිපතිවරුන්, බලසේනා, පුහුණු පාසල් සහ අනෙකුත් කඳවුරු නියෝජනය කරමින් ජ්‍යෙෂ්ට නිලධාරීන් රැසක් සහභාගි වූහ. Running sports | Jordan Ανδρικά • Summer SALE έως -50%