Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th March 2020 23:05:17 Hours

‘කොවිඩ් -19’ ට එරෙහි සටනේ ප්‍රධාන පාර්ශවකරුවන් ඒ පිළිබඳ කරුණු දක්වයි

අයි.ටී.එන් රූපවාහිනී විශේෂාංගයක් වන ‘සංවාදය’ ඉකුත් අඟහරුවාදා (10) දින සන්ද්‍යාවේ   ගුවන්තොටුපල සහ ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී. ඒ.වන්ද්‍රසිරී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෙද්‍ය අනිල් ජාසිංහ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ උපදේශක වසංගත රෝග විශේෂඥ්‍ය වෛද්‍ය සමිතා ගිනිගේ මහත්මියගේ සහභාගිත්වයෙන් පැවති අතර එහිදී සීඝ්‍රයෙන් පැතිරෙන ‘කොවීඩ් - 19’ වසංගතය, එම වසංගතය මැඩපැවැත්වීමට ශ්‍රී ලංකාවේ සූදානම, නිරෝධායන ක්‍රියාවලිය, වැළැක්වීමේ පියවර සහ සහ පැතිරීම පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම ආදී කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට බඳුන්විය.

අදාළ සජීවී වීඩියෝවේ පටිගත කරන ලද සම්පූර්ණ වීඩියෝව පහත දක්වා ඇත. url clone | Entrainement Nike