Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th May 2020 21:30:17 Hours

‘උපාය මාර්ගයන් සැකසීමේ‘ දෙවන අදියර යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරම්භ කරයි

ආරක්‍ෂක කටයුතුහි නවීකරණය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් වර්ෂ 2020 සිට 2025 දක්වා ඉදිරි පස් වසර තුළ ආරක්‍ෂක උපාය මාර්ග ගවේෂණය කිරීමට සැලසුම් කර ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ‘ඉදිරි උපාය මාර්ග සකස් කිරීමේ’ ව්‍යාපෘතියේ දෙවන අදියර බහුවිධ හා ගෝලීය තර්ජනාත්මක භූ දර්ශනය (multiple and complex global threat landscape) මධ්‍යයේ ඉකුත් බ්‍රහස්පතින්දා (28) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරම්භ විය.

ඉහළ පෙළේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් බ්‍රහස්පතින්දා (28) දින පැවැති මෙම දෙවන සැසිවාරය ඉලෙක්ට්‍රොනික් අවි (electronic weaponry), නොපැහැදිලි යුධ රේඛා (blurred battle lines) සහ නිරර්තක සතුරන්ගේ (amorphous enemies) සර්දර්භය තුළ වැදගත් උපායමාර්ගික ඉදිරි දර්ශන යන කරුණු ආවරණය වන පරිදි ශ්‍රී ලංකාවේ කීර්තිමත් උපායමාර්ග විශේෂඥයෙකු හා ප්‍රධාන විධායක නිලධාරීයෙකු මෙන්ම විධායක පුහුණුකරුවෙකු වන ආචාර්ය උදය ඉන්ද්‍රරත්න මහතා විසින් මෙහෙයවනු ලැබීය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ පළමු අදියර මැයි මස 6 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැති සැසියකදී ආරම්භ විනි.

බ්‍රහස්පතින්දා පැවැති මෙම සැසිවාරයේ සමාරම්භය පළමු අදියර ආවර්ජනය කරමින් ආචාර්ය උදය ඉන්ද්‍රරත්න මහතා විසින් සිදුකරමින් ව්‍යාපෘතියේ දෙවන අධියර ආරම්භ කළ අතර සහභාගී වූවන් ක්‍රියාකාරී කණ්ඩායම් වලට (working groups) බෙදීමෙන් පසුව ඉදිරිපත් කිරීම් සිදු කෙරිණි. පරිසර සංරචක (environment components), භෞතික සංරචක (physical components), සදාචාරාත්මක සංරචක (moral components), සංකල්පීය සංරචක (conceptual components) යනාදිය යටතේ වර්ගීකරණය කරන ලද එම උප මාතෘකා ආරක්‍ෂක කටයුතු සඳහා අදාළ වේ. ඉන් අනතුරුව, නම් කරන ලද කණ්ඩායම් නායකයින් ඔවුන්ගේ සොයාගැනීම් හා සැලසුම් කණ්ඩායම් ක්‍රියාකාරකම් ඇතුළුව ඉදිරිපත් කිරීම් සහ සාකච්ඡා මගින් පැහැදිලි කළහ.

මෙම වැඩසටහනේ සමාප්ති සැසිවාරයේදී දිනය පුරා සිදුකළ සොයාගැනීම්, නිරීක්ෂණ සහ නිර්දේශවල ප්‍රතිඵලය සාරාංශ කර නැවතත් සාරංශිකව ඉදිරිපත් කළ අතර ව්‍යාපෘතියේ පූරෝගාමීයා වන ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කාර්යබහුල රාජකාරි මධ්‍යයේ මෙම අවස්ථාවට සහභාගි වී ආචාර්ය ඉන්ද්‍රරත්න මහතා විසින් මෙහෙය වූ මෙම සැසිවාරයන්ට සවන් දුන්නේය.

මෙම සැසිවාරය අවසානයේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමාප්ති දේශනය සිදුකරමින්, අඛණ්ඩව සාකච්ඡා පැවැත්වීම අගය කළ අතර යුද්ධ හමුදාවේ වෙනස්වන හා ඒ වෙනුවට ඉල්ලුම් කරන අවශ්‍යතා, වේගයෙන් වෙනස්වන ගෝලීය තර්ජනාත්මක පසුබිමක ගෝලීය ඉදිරි දර්ශනයන්ට අනුවර්තනයවීමේ අවශ්‍යතාව යනාදිය පිළිබඳව දැනුවත්ව සිටින ලෙස සහභාගි වුවන්ගෙන් ඉල්ලා සිටියේය. bridgemedia | Marki