Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th August 2016 15:13:11 Hours

‘ඉහළ ශ්‍රම ඵලදායීතාවය’ පිළිබඳ යුද හමුදා සේවයේ නියුතු සිවිල් සාමාජිකයින් දැනුවත් කෙරේ

සිවිල් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙහෙයවනු ලබන යුද හමුදා අධ්‍යක්ෂ මණ්ඩල හා වෙනත් ආයතනවල රාජකාරි කරනු ලබන සිවිල් සේවක මහතුන් සඳහා පවත්වනු ලබන දෙදින වැඩමුළුව අගෝස්තු මස 8 සහ 9 යන දිනයන්හි බත්තරමුල්ල ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ දී පැවැත්විය. මෙහි දි ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ විශ්‍රාම ලත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ඒ.ඩි. සෝමදාස මහතා විසින් ‘ඉහළ ශ්‍රම ඵලදායිතාවයක් සඳහා කාර්යාල කාර්ය සහායක සේවයේ වගකීම’ මැයෙන් දේශනයක් ද පවත්වන ලදි. මෙම පාඨමාලාව සඳහා සිවිල් සේවක මහතුන් 45 දෙනෙකු සහභාගි වූ අතර, ඔවුන් සඳහා වටිනා සහතික පත්‍රයක් ද පිරිනැමිය. ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ඩි. වඩුගේ සහ සහකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත කුමාර ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.jordan release date | adidas Yeezy Boost 350