Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th March 2020 15:02:32 Hours

හින්දු කෝවිල් හා දේවස්ථාන වෙත නොමිලේ පැළ බෙදාදෙයි

අනාගත පරපුරට හරිත අනාගතයක් නිර්මාණය කිරීමේ අරමුණින්, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 515 වන බලසේනාව විසින් ඉකුත් බදාදා (11) දින මාවිඩ්ඩිපුරම් හින්දු කෝවිලේ දී සංවිධානය කළ උත්සවයක්දී තෙලිප්පලෙයි සහ කෝපායි ප්‍රදේශයේ හින්දු කෝවිල් සහ දේවස්ථාන වෙත නොමිලේ පැළ තොගයක් බෙදාදෙන ලදී.

මෙම පැළ බෙදාදීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ලලිත් රත්නායක සහභාගි වූ අතර මෙම අවස්ථාවට 515 වන බලසේනාවේ බලසේනාධිපති ඇතුළු නිලධාරීන් සහ සෙසුනිලයින් මෙන්ම ප්‍රදේශවාසීන් රැසක් ද සහභාගි වූහ. latest Nike release | Nike Air Jordan XXX Basketball Shoes/Sneakers 811006-101 Worldarchitecturefestival