Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd December 2016 18:05:58 Hours

හැලඹවැව දහම් පාසල් සිසුන් වෙත ත්‍යාග පාර්සල්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන ඉංජිනේරු බිසාත් නාගහවත්ත මහතා සහ ඔහුගේ කාර්ය මණ්ඩලයේ අනුග්‍රහයෙන් පදවිය, හැලඹවැව, වැලිමළුව විහාරස්ථානයේ දහම් පාසල් සිසුන් සඳහා ලිපිද්‍රව්‍ය බෙදාදීමක් එම විහාරස්ථාන පරිශ්‍රයේ දී නොවැම්බර් මස 27 වන දින පවත්වන ලදි.

මෙම ත්‍යාග පාර්සල් එකක වටිනාකම රුපියල් 4,000.00 ක් වන අතර, 62 වන සේනාංකය යටතේ ස්ථාපිත 622 බලසේනාවේ සහ 27 වන ගජබා රෙජිමේන්තුවේ නිලධාරීන්ගේ සහ සෙසු නිලයින්ගේ සම්බන්ධීකරණයෙන් සිසුන් 120 දෙනෙකු වෙත ඒවා බෙදාදෙන ලදි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන ඉංජිනේරු බිසාත් නාගහවත්ත මහතා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය, 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බි.එච්.එම්.ඒ. විජේසිංහ, 622 බලසේනාවේ බලසේනාධිපති කර්නල් එම්.පි. කරුණාරත්න, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් මෙන්ම දෙමාපියන් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

Buy Sneakers | jordan Release Dates