Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th July 2017 19:47:15 Hours

හසලක ගාමිණී විරුවාගේ 26 වන සංවත්සරය අලිමංකඩ දී

අලිමංකඩ හමුදා කඳවුරේදී ත්‍ර‍ස්තවාදීන්ගෙන් තම මිතුරු හමුදා සෙබලුන්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා 1991 ජුලි මස 14 වන දින ස්වේච්ඡාවෙන් සිය ජීවිතය පූජා කළ 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් කෝප්‍රල් ගාමිණී කුලරත්න විරුවාගේ 26 වන සංවත්සරය සිකුරාදා (14) දිනට යෙදී තිබු අතර, ඒ වෙනුවෙන් අලිමංකඩ හසලක ගාමිණී විරුවාගේ පිළිරුව අභියස දී සැමරුම් උත්සවයක් පවත්වනු ලැබීය.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ මඟපෙන්වීම යටතේ 66 වන සේනාංකය සහ 662 බලසේනාව විසින් මෙම සැමරුම් උත්සවය සංවිධානය කළ අතර, අලිමංකඩ හසලක ගාමිණී විරුවාගේ පිළිරුව අසල දී සර්ව රාත්‍රික පිරිත් සඡ්ඡායනයක් පැවැත්වු අතර, පසුදින උදෑසන (15) දානමය පිංකමක් පවත්වනු ලැබීය.

66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පේටිවලාන ගේ සහ 662 බළසේනාවේ බලසේනාධිපති කර්නල් රොහාන් පොන්නම්පෙරුම ගේ ආරාධනයෙන් මෙම සැමරුම් උත්සවය සඳහා මියගිය කෝප්‍රල් කුලරත්නගේ මැණියන් වන එස්.ජි. ජූලියට් මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයන් ද එක්ව සිටියහ.

ආගමික වැඩසටහන්වලට පළමුව, කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිවරයා නියෝජනය කරමින් 66 වන සේනාංකාධිපති සහ මියගිය රණවිරුවාගේ පවුලේ සාමාජිකයින් විසින් හසලක ගාමිණී විරුවාගේ පිළිරුව වෙත පුෂ්පෝපහාර දක්වනු ලැබීය.

ඉන් අනතුරුව, 66 වන සේනාංකාධිපති, 662 වන බලසේනාධිපති, නිලධාරින්, සෙසුනිලයින් සහ පවුලේ සාමාජිකයන් එක්ව හසලක ගාමිණී විරුවාගේ පිළිරුව අභියස පිහිටි සදාතනික පහන මෙන්ම පොල්තෙල් පහන් සියගණනක් ද දැල් වුහ.

පසුව, සර්ව රාත්‍රික පිරිත් සඡ්ඡායනය ආරම්භ කළ අතර, එහිදි මියගිය රණවිරුවා සහ යුද්ධ හමුදාව වෙත ආශීර්වාද පුද කළහ. පසුදින (15) උදෑසන මහා සංඝයා වහන්සේලා වෙත දානය පිරිනැමීමෙන් පසු ආගමික වැඩසටහන් අවසන් විය.

1990 වර්ෂය වන විට යාපනය ආර්ධද්වීපයේ පාලනය සඳහා අලිමංකඩ යුද හමුදා කදවුර යුදමය වශයෙන් ඉතා වැදගත් කඳවුරක් බව එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් හඳුනාගෙන සිටි අතර, මිත්‍ර හමුදාව 600 ක් පමණ සිටි අලිමංකඩ කඳවුර වෙත ප්‍රහාර එල්ල කිරීමට ත්‍රස්තවාදීන් 5000 ක් පමණ පැමිණියහ.

1991 ජුලි මස 14 දින එල්ටීටීඊය විසින් පුපුරන ද්‍ර‍ව්‍ය රැගත් බුල්ඩෝසරයක් අලිමංකඩ යුද හමුදා කඳවුරට ඇතුලු කිරීමට වෑයම්කරන අවස්ථාවේ දී ලාන්ස් කොප්‍රල් ගාමිණි කුලරත්න නම් තරුණ හමුදා සෙබලා එය වැළැක්වීම සඳහා නිර්භීතව ඉදිරිපත්වි බුල්ඩෝසරය පසුපස දිවගොස් එය වෙත පැන ඔහු අත තිබු අත් බෝම්බ පුපුරවා ගනිමින් තම ජීවිතය පුජා කළ අතර එහිදී එම බුල්ඩෝසරයේ සිටි ත්‍රස්ථවාදීන් සිව්දෙනා මියගිය අතර එම පිපිරීමත් සමගම එම සන්නද්ධ බුල්ඩෝසරය අකර්මන්‍ය තත්වයට පත්විය.

එම වීර ක්‍රියාව නිමිත්තෙන් කෝප්‍රල් ගාමිණී කුලරත්න, සොල්දාදුවෙකුට ලබාගත හැකි උත්තරීතර පදක්කම වන ‘පරම වීර විභූෂයෙන්’ (PWV) ද පිදුම් ලැබීය.

එහිදි තම ජිවිතය පුද කළ ලාන්ස් කෝප්‍ර‍ල් කුලරත්න විරුවාගේ සිරුර මාර්ග අසල තිබි සහෝදර සෙබලුන් විසින් සොයාගන්නා ලදි. කොප්‍ර‍ල් කුලරත්න 1966 වර්ෂයේ පවුලේ දෙවෙනි සාමාජිකයා ලෙස උපත ලද අතර, සහෝදරයන් දෙදෙනෙකු සහ එක් සහෝදරියක සිටිති. හසලක රණසිංහ ප්‍රේමදාස මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව 1987 වර්ෂයේ 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත ඇතුලත් වී ඇත.

මෙම අභීත විරුවා සිහිගන්වමින් පසුකාලීනව අලිමංකඩ යුද හමුදා කඳවුරෙහි ස්මාරකයක් ඉදිකළ අතර, විනාශ වූ බුල් ඩෝසරයේ කොටස් ද එහි තැන්පත් කර ඇත.

affiliate tracking url | Ανδρικά Nike