Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th December 2017 13:05:24 Hours

හමුදා සාමාජිකයින් වෙනුවෙන් තවත් භාවනා වැඩසටහනක්

යුද්ධ හමුදාවේ ඉල්ලිමකට අනුව කඳුබොඩ බවුන්සෙත් මානසික සුවසෙවන විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් හමුදා සාමාජිකයින් 82 ක්වෙනුවෙන් තවත් භාවනා වැඩසටහනක් බ්‍රහස්පතින්දා (30) දින පවත්වන ලදි.

යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා කාන්තා නිලධාරින් 5 ක්, සෙසු නිලයින් 57 ක්, නාවික හමුදා නිලධාරියෙක් සහ නැවියන් 19ක් සහභාගි වූහ.

මේ අතර, හමුදා පුහුණු ආයතනයන්හි රාජකාරි ඉටු කරන හමුදා නිලධාරින් සහ සෙසු නිලයින් වෙනුවෙන් තවත් මෙවැනිම වැඩසටහනක් සඳුදා (04) දින කඳුබොඩ, විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත්විය.

ඒ සඳහා යුද්ධ හමුදා නිලධාරින් 2 ක් සහ සෙසු නිලයින් 60 ක් සමඟින් නාවික හමුදා සාමාජිකයින් 16 ක් සහභාගි වූහ.

Sports Shoes | Jordan Release Dates , Iicf