Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th September 2019 09:45:28 Hours

හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ අභ්‍යසලාභීන්ට විශේෂ දේශනයක්

සාලියවැව පිහිටි යුද්ධ හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ ඉල්ලීම පරිදි මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ‘හමුදා සාහිත්‍ය ප්‍රචාරණය’ පිළිබඳ දේශණයක් ඉකුත් ඉරිදා (8) දින හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

යුද්ධ හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබන නවක සිසුන් වෙනුවෙන් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මේජර් සුගත් චාමින්ද විසින් දේශණය මෙහෙය වන ලදි.

මෙම දේශණය සඳහා යුද්ධ හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්.එම්.ආර්.ජේ.කේ සේනාරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ. Best Nike Sneakers | adidas Yeezy Boost 350