25th April 2018 22:26:11 Hours
22 වන සේනාංකය යටතේ ස්ථාපිත 15 වන පාබල හමුදා භට පිරිස් සහ 24 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු භට පිරිස් එක්ව බෞද්ධ, කතෝලික, හින්දු සහ ඉස්ලාම් ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සංවිධානය කල අලුත් අවුරුදු උත්සවය ප්‍රදේශවාසින්ගේ ද සහභාගීත්වයෙන් මූතුර්, දෙහිවත්ත මහජන ක්‍රිඩාංගණයේදී පවත්වන ලදී.
ප්‍රදේශයේ ජනතාව අතර ජන වාර්ගික සංහිදියාව ඇතිකිරිමේ අරමුණින් සාම්ප්‍රදායික ක්‍රිඩා, විනෝදජනක අංග සහ ජන ක්‍රිඩාවන්ගෙන් අලුත් අවුරුදු උත්සවය වර්ණවත් විය. 224 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඊ.ඒ.පී. එදිරිවීර ගේ ආරාධනයෙන් උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහභාගි විය.
උත්සවයෙහි වැඩ කටයුතු සාර්ථක කරගැනීමට අමරපුර චූලවංශ මහා නිකායේ දෙහිවත්ත ශ්‍රී වර්ධනාරාමයේ විහාරාධිපති කලවානේ කෝසලතිස්ස ස්වාමීන් වහන්සේ ප්‍රධාන හින්දු සහ ඉස්ලාමීය ආගමික නායකයින්ගේ ආශීර්වාදය ද හිමි විය.
affiliate tracking url | adidas Yeezy Boost 350