Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th October 2017 21:01:46 Hours

සිවිල් සම්බන්ධිකරණ පාඨමාලා අංක 15 ආරම්භ කෙරේ

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙහෙයවන නිලධාරීන් සඳහා වූ 15 වන ‘සිවිල් සම්බන්ධිකරණ’ පාඨමාලාව අඟහරුවාදා (10) දින කොළඹ 14 හි පිහිටි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී ආරම්භ කරන ලදි.

නොවැම්බර් මස 10 දක්වා පැවැත්වෙන මෙම පාඨමාලාව සඳහා මේජර් නිලයේ සිට ලුතිතන් කර්නල් නිලය දක්වා නිලධාරීන් 29 ක් සහභාගි වේ.

මෙම පාඨමාලාව තුලින් සිවිල් සම්බන්ධිකරණ කටයුතු කළමනාකරණය, සිවිල් සමාජය සමඟ සහයෝගීතාවය ඇති කර ගැනීම, ආගමික සහ සංස්කෘතික වෙනස්කම් තේරුම් ගැනිමින් සම්ප්‍රදායන් හා සමාජීය ආචාර ධර්ම වටහා ගැනීම අරමුණු කර ගනිමින් මෙම පාඨමාළාවේ අධ්‍යන කටයුතු සම්පාදනය කර ඇත.

මෙම පාඨමාලාවේ ආරම්භක දේශනය 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා විසින් සිදු කළ අතර, මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අතුල හැන්නැදිගේ සහ කමාන්ඩෝ බලසේනාධිපති බ්‍රිගේඩියර් උදිත බණ්ඩාර ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Mysneakers | Air Jordan Release Dates 2020