Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th July 2019 17:40:31 Hours

සිවිල් වැසියන්ට පානීය ජලය සැපයීම සඳහා යුද්ධ හමුදාව විසින් ‘ප්‍රතිලෝම ඔස්මෝසිස්’ ජල පවිත්‍රාගාරයක් ස්ථාපනය කරයි ‘(RO)’

572 වන සේනාංකයට සහ එම ප්‍රදේශයේ සිවිල් ජනතාවගේ දීර්ඝ කාලීන අවශ්‍යතාවයක්ව පැවති ජල පවිත්‍රාගාරයක අවශයතාවය 57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ. එස්. හේවාවිතාරණ ගේ උපදෙස් මත 572 වන බලසේනා පරිශ්‍රයේ දී ඉකුත් අඟහරුවාදා (2) වන දින ‘ප්‍රතිලෝම ඔස්මෝසිස්’ (Reverse Osmosis) ජල පවිත්‍රාගාරය ස්ථාපනය කරන ලදී.

572 බලසේනාවේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කරන ලද මෙම ‘ප්‍රතිලෝම ඔස්මෝසිස්’ ‘RO’ පිරිසිදු ජලය සැපයීමේ බලාගාරය සිවිල් වැසියන්ට මෙන්ම යුද්ධ හමුදා සාමාජිකයින්ටද පිරිසිදු ජලය ලබා ගැනීමට ප්‍රයෝජනවත් වෙයි. 572 බලසේනාවේ බලසේනාධිපතිගේ ආරාධනයකට අනුව 57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ. එස්. හේවාවිතාරණ විසින් මෙම ජල පිරිසිදු කිරිමේ බලාගාරය විවෘත කරනු ලැබීය.

උතුරේ සංහිදියා ක්‍රියාවලිය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ජනාධිපති අරමුදලේ මූල්‍යාධාර ඇතිව 57 වන සේනාංකයේ ඉංජිනේරු සෙබළුන්ගේ තාක්ෂණික දැනුම හා 572 වන බලසේනාවේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රමයෙන් මෙම ව්‍යාපෘතිය අවසන් කර ඇත.

පුන්නනිරාවි සහ තොට්ටියාඩි ගම්වැසියන්ට ද මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභය හිමිවේ. Running Sneakers Store | Releases Nike Shoes