Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th January 2020 14:04:39 Hours

සිංගප්පූරුවේ පැවති 8 වන ෆුලර්ටන් සමුළුවට ප්‍රධාන නියෝජිතයින් සමඟ යුද්ධ හමුදාධිපතිතුමන් සහ නාවික හමුදාධිපතිතුමන් ද එක්වෙයි

කලාපයේ ආරක්‍ෂාව, සුපරික්‍ෂාකාරී බව සහ ස්ථාවරත්වය සහතික කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් සිංගප්පූරුවේ දී ජනවාරි මස 20 සිට 22 දින දක්වා තෙදින තුළ පැවැති 8 වන ජාත්‍යන්තර උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ ෆුලර්ටන් (Fullerton) සමුළුව ‘ෂැන්ග්‍රි-ලා සංවාද ෂෙර්පා හමුව’ සඳහා රටවල් 25 කට අධික ප්‍රමාණයක ආරක්‍ෂක නිලධාරීන්, ඉහළ පෙළේ හමුදා නිලධාරීන්, පර්යේෂණ විශ්ලේෂකයින් සහ රාජ්‍ය නොවන විශේෂඥයින් සියදෙනෙකුට වැඩි පිරිසක සහභාගිත්වයෙන් පැවතිනි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රධාන පෙළේ නියෝජිතයන් ලෙස වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ද මේ සමුළුව සඳහා සහභාගී විය.  

‘රාජ්‍යයන්හී බහුපාර්ශ්විකත්වය පවත්වා ගැනීමට ක්‍රම සෙවිම හා බහුපාර්ශ්වීය ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම හා ආයතනයන්හී ක්‍රියා කලාපය’. (‘Countries should seek ways to maintain multilateralism and should endeavour to strengthen multilateral processes and institutions’) යන තේමාව යටතේ සිංගප්පූරුවේ ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය හෙන්ග් චේ හොව් මහතා (Mr Heng Chee) විසින් පවත්වන ලද ප්‍රධාන දේශනය සමඟින් සමුළුව ආරම්භ විණි.

සිංගප්පුරුවේදී පැවැති මෙම සමුළුවේ ප්‍රධාන සැසියේදී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිංගප්පූරුවේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය අමාත්‍ය හෙන්ග් චේ හොව් (Mr Heng Chee), ජාත්‍යන්තර උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, රුසියාව, පාකිස්තානය සහ මැලේසියාව යන රටවල ඉහළ පෙළේ හමුදා නිලධාරීන් සහ බුද්ධිමතුන් සමඟින් ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විය.

මෙම වාර්ෂික සමුළුවේදී, ලොව පුරා සිටින ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරීන්ට, ඉහළ පෙළේ හමුදා නිලධාරීන්ට මෙන්ම රාජ්‍ය නොවන විශේෂඥයින්ට ප්‍රධාන කලාපීය ආරක්‍ෂක ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් හිමිවිණි. 8 වන ‘ෆුලර්ටන්’ සමුළුව සඳහා රටවල් 30 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් නියෝජිතයින් 75 කට අධික ප්‍රමාණයක් සහභාගී වූ අතර මෙම සමුළුව ඉකුත් බදාදා (22) දින අවසන් විය.

වර්ෂ 2019 දී පැවති ‘ජාත්‍යන්තර උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ ෂැන්ග්‍රි-ලා සමුළුවේදී’ (IISS Shangri-La Dialogue) ගැටුම් මඟහරවා ගනිමින් ජාතික අයිතීන් ආරක්‍ෂා කර ගත හැකි ආකාරය, ප්‍රතිත‍්‍රස්ත මර්දන උපාය මාර්ග සඳහා කලාපීය ක්‍රියාමාර්ගයන්හී වර්ධනය, මුහුද ආශ්‍රිතව ආරක්‍ෂක අභියෝග වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කරන්නේ කෙසේද සහ ආරක්‍ෂක අභියෝග සම්බන්ධයෙන් සියළු රාජ්‍යයන් පොදු පදනමක් ගොඩනඟාගන්නේ කෙසේද යන ගැටළු ඇතුළු කරුණු රැසක් පිළිබඳ නියෝජිතයින් අතර පැවති අඛණ්ඩ සාකච්ඡාවලදී විවිධ අදහස් හුවමාරු කරගනු ලැබීය.

ආරක්‍ෂාව සහ සුපරික්‍ෂාකාරී බව පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගැනීමේ අරමුණින් පැවැති මෙම සමුළුවේදී, ‘අයි.එන්.එෆ් ගිවිසුමෙන් (INF Treaty) පසු ආසියාවේ ඇති මිසයිල හා එම මිසයිල ආරක්‍ෂා කරගැනීමේ අභියෝග’, ‘සමුද්‍රීය අවශ්‍යතා සහ නිදහස ආරක්‍ෂා කරගැනීම’, ‘යුද්ධයේ නව තාක්‍ෂණයන් : ප්‍රතිපත්තිමය බලපෑම්’, ‘ප්‍රාදේශීය ආරක්‍ෂක විධිවිධාන සංවර්ධනය’, යන තේමාවන් සාකච්ඡාවට බඳුන් කරමින් අන්තර්ක්‍රියාකාරී ද්වීපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සාකච්ඡා වටයන් කිහිපයක් පැවැත්විණි.  

ස්වාධීන චින්තනයක් ලෙස වර්ෂ 2002 සිට වාර්ෂිකව පවත්වනු ලබන ‘ෆුලර්ටන් සමුළුව’ නොහොත් ‘ෂැන්ග්‍රි-ලා සංවාදය’ එක් මගක ගමන් ගන්නා අන්තර් රාජ්‍ය ආරක්‍ෂක සමුළුවක් බඳුය. මෙම සමුළුව වාර්ෂිකව ජාත්‍යන්තර උපායමාර්ගික අධ්‍යයන ආයතනය විසින් පවත්වනු ලබන අතර ඒ සඳහා ලොව පුරා ආරක්‍ෂක අමාත්‍යාංශ වල ඇමතිවරුන්, රාජ්‍ය ප්‍රධානීන් මෙන්ම හමුදා නායකයින් රැසක් සහභාගී වේ. තවද, කලාපයේ ආරක්‍ෂක ක්ෂේත්‍රවල වඩාත්ම වැදගත් ප්‍රතිපත්ති සම්පාදකයින් සහ මහජනතාව අතර පවතින් සුහදත්වය වර්ධනය කිරීම සඳහා මෙම සමුළුව ඉවහල් වේ. මෙම සමුළුව සඳහා සහභාගී වූ සියළු නියෝජිතයින් සමග ද්වීපාර්ශ්විකව අදහස් හුවමාරු කරගැනීම තුලින් රාජ්‍ය නියෝජිතයින්ට සමුළුවෙහි උපරිම ප්‍රතිඵල ලබාගැනීමට හැකි වීම ඉතා වටිනාකමකින් යුතුවිය. මෙම ‘ෆුලර්ටන්’ සංසදයට නීති සම්පාදකයින්, අධ්‍යයන විශේෂඥයින්, කීර්තිමත් මාධ්‍යවේදීන් සහ ව්‍යාපාරික නියෝජිතයින් ද ඇතුලත්ය.Sports brands | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov