30th November 2017 09:55:00 Hours
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකය යටතේ වන 683 බලසේනාවට අයත් 16 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා භට පිරිස් විසින් මුලතිව් ප්‍රදේශයේ 2017 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනි සිටිමට නියමිත පාසල් සිසුන් සඳහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් උදයාර්කට්ටු මහා විද්‍යාලයේ දි පසුගියදා පැවැත්විණ.
683 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩි.පි.කේ ජයසිංහ සහ එම බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි මේජර් ජේ.ඩබ්ලිව්.කේ ගමගේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ උපදෙස් මත මුලතිව් ප්‍රදේශයේ අධ්‍යාපනය ලබන පාසල් සිසුන් 100 දෙනෙකු සඳහා පාසල් කවකටු පෙට්ටි බෙදාදෙන ලදි.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 16 වන කාලතුවක්කු හමුදාවේ දෙවන අණදෙන නිලධාරිතුමන් සහභාගි වු අතර නිලධාරින්, සෙසු නිලයින්, පාසල් සිසුන් සහ දෙමාපියන් ද එක්විය.
Sport media | Women's Nike Air Jordan 1 trainers - Latest Releases , Ietp