Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st October 2017 07:17:05 Hours

සාක් කලාපීය ශිෂ්‍ය භටයින් යුද්ධ හමුදාධිපතිතුමා හමුවේ

බංග්ලාදේශය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය සහ පකිස්තානය යන සාක් කලාපීය රටවල ශිෂ්‍ය භටයින් 79 දෙනෙකු නියෝජනය කරමින් නියෝජිතයින් 5 දෙනෙකු අද (20) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

මෙම සුහද හමුවේදි යුද්ධ හමුදාධිපතිතුමා සහ පැමිණි පිරිස අතර, සාක් රටවල තරුණයින් බලගැන්වීම සහ ශිෂ්‍ය භට පුහුණුව පිළිබඳ අදහස් හුවමාරු කරගත්හ.

රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බලකා පුහුණු කඳවුරේ දී පැවති හර්මන් ලෝස් කුසලාන ශූරතා තරඟයට සහභාගිවීම සඳහා බංග්ලාදේශ, ඉන්දියාව, මාලදිවයින, නේපාල සහ පකිස්තාන යන රටවල් නියෝජනය කරමින් කාන්තා සහ පිරිමි ජ්‍යෙෂ්ඨ නිලධාරින් 19 දෙනෙකු සහ ශිෂ්‍ය භටයින් 60 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී මෙම සුහද හමුව සිදුවිය.

මෙම හමුව අවසානයේ දී සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිණි.

best Running shoes brand | adidas Yeezy Boost 350