Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th November 2016 15:36:06 Hours

ස්වේච්ඡා බලසේනා නව සේනාවිධායක රාජකාරි භාරගනි

කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානයේ අද (08) දින උදෑසන පැවති චාම් උත්සවයේ දී මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා නව සේනාවිධායක ලෙස රාජකාරි භාර ගන්නා ලදි.,

එහිදි නව සේනාවිධායක වෙත ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් පිරිනැමිම සිදු කෙරිනි.

මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා විසින් නිල ලේඛණවලට අත්සන් තබමින් සිය ධුරයේ රාජකාරි භාර ගන්නා ලදි.

අනතුරුව නව සේනාවිධායක විසින් එම මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් රෝපනය කරන ලදි.

තවද, අණදෙන නිලධාරීන්, බලඇණි සහ ඒකකයන්හි නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විය.

මෙදින අවසන් අංගය ලෙස නව සේනාවිධායක විසින් භට පිරිස් අමතා එහිදි ‘එස් 5’ සංකල්පය පිළිබඳ දැනුවත් කරන ලදි.

Nike sneakers | Women's Sneakers