Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th August 2019 10:10:50 Hours

ස්විට්සර්ලන්ත නියෝජිතයෙකු යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති හමුවෙයි

කොළඹ පිහිටි ස්විට්ස්ලන්ත තානාපති කාර්යාලයේ පළමු ලේකම් (දේශපාලන) සිඩෝනියා ගේබ්‍රියෙල් මහත්මිය (Ms Sidonia Gabriel) ඉකුත් අඟහරුවාදා (20) දින උතුරේ සිදුකල සංචාරයක් අතරතුර, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය හමුවිය.

මෙහිදි, මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය විසින් වත්මන් ආරක්‍ෂක තත්ත්වය සහ යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් දියත් කරනු ලබන සමාජ සංවර්ධන සහ ප්‍රතිසන්ධාන ක්‍රියාමාර්ග පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරන ලදී. එසේම, යාපනය අර්ධද්වීපයේ ක්‍රියාත්මක කරනු ලබන සිවිල්- හමුදා සහයෝගීතා ව්‍යාපෘති පිළිබඳව ද ස්විස්ටර්ලන්ත නියෝජිතවරිය සමඟ අදහස් හුවමාරු කරගත්තේය.

මෙම සාකච්ඡාව සඳහා යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභිගි වූහ. latest Running | Beyonce Ivy Park x adidas Sleek Super 72 ICY PARK White , Where To Buy , GX2769 , Ietp