Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th November 2019 21:31:15 Hours

සර්ව රාත්‍රික ‘පිරිත්’ සජ්ඣායනාවක් සහ දානමය පිංකමක් පවත්වා නව යුද්ධ හමුදා මුලස්ථානයට ආශිර්වාද එක් කරයි

ශ්‍රී ජයවර්ධනපුර නව යුද්ධ හමුදා මුලස්ථානයට ආශිර්වාද එක් කරමින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක පූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නය සිකුරාදා (08) දින සන්ධ්‍යාවේ සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් සිදු කළහ.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහා සංඝරත්නය වෙත සංකේතාත්මකව බුලත් වට්ටියක් පිළිගන්වා පසුදා පහන් වනතුරු පිරිත් සජ්ඣායනාවක් කිරීම සඳහා ආරාධනා කරන ලදී. මෙහිදි, කෙටි අනුශාසනාවක් සිදුකළ මහානායක හිමිපාණන් රටේ සහ ජාතියේ යහපත උදෙසා ආරක්‍ෂක අංශ සම්බන්ධිකරණයෙන් නව ඒකාබද්ධ සංකීර්ණයක් ස්ථාපිත කිරීමේ වටිනාකම පිළිබඳව අවධාරණය කළහ.

පසුදින උදෑසන මහා සංඝරත්නය විශයෙහිලා ‘හීල් දානය‘ පිළිගැන්වීමෙන් අනතුරුව නව යුද්ධ හමුදා මූලස්ථානයේ පැවැති ආගමික වැඩසටහන් අවසන් විය. මෙහිදී, අනුශාසනාවක් සිදුකළ කෝට්ටේ රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය අළුත්නුවර අනුරුද්ධ නායක හිමිපාණන් මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්ට පිං අනුමෝදන් කළ අතර තුවාල ලබා ප්‍රතිකාර ලබන රණවිරුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළහ.

ඉන් අනතුරුව, නව යුද්ධ හමුදා මූලස්ථානයට ආශිර්වාද එක් කරමින් කතෝලික, ඉස්ලාම් හා හින්දු ආගමික වතාවත් යුද්ධ හමුදා ආගමික සංගම්වල සම්බන්ධිකරණයෙන් අද (09) දින උදෑසන පැවැති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදාධිපතිතුමන් සර්ව ආගමික පූජකවරුන්ට ත්‍යාග ද පිරිනමන ලදී. Best Authentic Sneakers | Nike