Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th April 2016 11:27:53 Hours

සමාජ විරෝධි ක්‍රියාකාරකම් පිළිබඳව ඒකක අණදෙන නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් දැනුවත් කෙරේ

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සංවිධානයෙන් ‘සමාජය තුළ සිදු කරනු ලබන සමාජ විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීඹ හා අවම කිරීම’ පිළිබඳව ඒකක අණදෙන නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් බ්‍ර‍ස්පතින්දා (31) දින පනාගොඩ ශ්‍රී ලංකා සංඥා බලකා ශ්‍ර‍වනාගාරයේ දී පවත්වනු ලැබීය. යුද හමුදාපතිතුමාගේ සංකල්පයකට අනුව සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන සඳහා ඒකක අණදෙන නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සහභාගි වූහ. එම ව්‍යාපෘතියෙහි පළමු අධියර මීට මාස කිහිපයකට පෙර එම අධ්‍යක්ෂක මණ්ඩලය විසින් දියත් කරනු ලැබීය. මෙහි සමාරම්භක දේශණය ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කේ.ඩබ්ලිව් එඩීමා විසින් සිදු කරනු ලැබීය. එමෙන්ම තවත් දේශණයක් ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කේ.ආර්.පී රොවෙල් විසින් සිදු කරන ලදී.best Running shoes | Asics Onitsuka Tiger