Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th March 2016 14:25:47 Hours

සමාජවි‍රෝධී ක්‍රියාකාරකම් පිළිබඳව යුද හමුදා සාමාජිකයන් දැනුවත් කෙරේ

මනෝවිද්‍යාත්මත මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සංවිධානයෙන් “නීතිවිරෝධි සමාජ ක්‍රියාකාරකම්” පිළිබඳ වැඩමුළුවක් ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මුලස්ථානයේ දී බ්‍ර‍හස්පතින්දා (17) දින පැවැත්විනි. දින දෙකක් පුරා පැවැත්වෙන මෙම වැඩමුළුවට සියලු ආරක්ෂක සේනා මූලස්ථානවල අණදෙන නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සහභාගි වේ. මෙහි පළමු අදියර අද (17) දින බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ මඟ පෙන්විම යටතේ පැවැත්විනි. අණදෙන නිලධාරන් 120 දෙනෙක් සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරු 131 දෙනෙක් ඇතුළුව 251 දෙනෙක් මෙම වැඩමුළුවට සහභාගිව සිටියහ.Nike Sneakers | Nike Shoes