Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd April 2018 20:08:29 Hours

සන්නද්ධ බුද්ධි බලකා මුලස්ථානයේ දී ‘සුර්ය මංගල්‍යය’ සමරයි

සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව සන්නද්ධ බුද්ධි බලකායේ භට පිරිස් විසින් අලුත් අවුරුදු උත්සවයක් බදාදා (18) දින ගාල්ල, කරන්දෙණිය ප්‍රදේශයේ ස්ථානගත සන්නද්ධ බුද්ධි බලකා මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.  

සන්නද්ධ බුද්ධි බලකායේ ‘සුර්ය මංගල්‍යය’ සාම්ප්‍රදායික ජන ක්‍රීඩා සහ විනෝද ක්‍රීඩාවන්ට ප්‍රමුඛත්වයක් ලබාදෙමින් වර්ණවත් අන්දමින් පැවැත්විණි.   

සන්නද්ධ බුද්ධි බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ මඟපෙන්වීම යටතේ පැවැත්වූ මෙම අවුරුදු උත්සවයේ වැඩකටයුතු සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව ආරම්භ විය.

කඹ ඇඳිම, අලියාට ඇස තැබීම, බනිස් කෑම, දෙහි ගෙඩිය හැන්ද මත තබාගෙන යාම, පොල්අතු වීවිම, කොට්ටාපොර, ගෝනි රේස්, කණාමුට්ටි බිදීම, සැඟවුණු අමුත්තා සෙවීම, සංගීත පුටු තරඟය සහ විකට ඇඳුම් තරඟය ඇතුළු සාම්ප්‍රදායික ජන ක්‍රිඩා සහ විනෝද ක්‍රීඩා රැසකින් සමන්විත මෙම අලුත් අවුරුදු උත්සවය සඳහා සහභාගි වූවන් විනෝදස්වාදයට පත්විය.

මෙම අලුත් අවුරුදු උත්සවය සඳහා සහභාගි වූ සියලුමදෙනාටම දිවා භෝජන සංග්‍රයකින් සංග්‍රහ කිරීමෙන් අනතුරුව තරඟ ඉසව්වන් සඳහා සහභාගිවි ජයග්‍රහණය ලැබුවන්ට වටිනා ත්‍යාග පිරිනමනු ලැබීය.

මෙම අලුත් අවුරුදු උත්සවය සඳහා සන්නද්ධ බුද්ධි බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයින්, විශේෂ ආරාධිතයින් මෙන්ම සිවිල් කාර්යමණ්ඩලයේ සාමාජිකයින් සහ ගම්වාසින් රැසක් ද එක්ව සිටියහ.

Sports brands | Nike for Men