23rd March 2018 11:55:36 Hours
ගාල්ල, කරන්දෙණීය ප්‍රදේශයේ ස්ථානගත සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් සඳහා අභිනවයෙන් ඉදිකරන ලද භට නිවාස සංකීර්ණය විවෘත කිරීමට සහ එහි භට පිරිස් හමුවීමට බ්‍රහස්පතින්දා (22) දින එම බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තුවේ සංචාරයක නිරත විය.
සන්නද්ධ බුද්ධි බලකා මධ්‍යස්ථාන සේනාවිධායක විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි සන්නද්ධ බුද්ධි බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් හමුදා සම්ප්‍රදායානුකුලව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
අනතුරුව කර්නල් සේනාවිධායක විසින් පිත්ත පටිය කපා සමරු ඵලකය නිරාවරණය කර සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දල්වා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් සඳහා අභිනවයෙන් ඉදිකළ භට නිවාස සංකීර්ණය විවෘත කළහ.
අනතුරුව සන්නද්ධ බුද්ධි බලකායේ කර්නල් සේනාවිධායකතුමන් විවෘත කරන ලද නව භට නිවාස සංකීර්ණය නිරීක්‍ෂණය කරන ලද අතර සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සියළුම ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් සමඟ සුහද පිලිසදරක ද නිරත විය.
Asics footwear | New Balance 991 Footwear