Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st November 2016 19:11:19 Hours

සන්නද්ධ බුද්ධි බලකා නව කර්නල් සේනාවිධායක රාජකාරි අරඹයි

මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සන්නද්ධ බුද්ධි බලකා නව කර්නල් සේනාවිධායක ලෙස බදාදා (16) දින කරන්දෙණිය පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී සිය රාජකාරි භාර ගන්නා ලදි.

ඒ අනුව රෙජිමේන්තු පරිශ්‍රයේ දී එම රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක විසින් නව කර්නල් සේනාවිධායක පිළිගත් අතර, ඊට ප්‍රථම සන්නද්ධ බුද්ධි බලකා භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ වෙත කඳවුරු සම්මාන මුරයක් ද පිරිනමන ලදි.

එමෙන්ම, මේජර් ජෙනරාල් රණසිංහ විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපාහාර දැක්විය.

අනතුරුව නව කර්නල් සේනාවිධායක නිල ලේඛණවලට අත්සන් තබමින් සිය ධුරයේ රාජකාරි භාර ගත් අතර, සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් ඇමතීම ද සිදු කෙරිනි.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Adidas footwear | Women's Sneakers