Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th December 2023 20:01:29 Hours

සන්නද්ධ බළකා පුහුණු මධ්‍යස්ථානයේ නව සේනාවිධායක සිය රාජකාරි අරඹයි.

අනුරාධපුර කැලැත්තෑව සන්නාහ සන්නද්ධ බළකා පුහුණු මධ්‍යස්ථානයේ නව සේනාවිධායක ලෙස කර්නල් ඒ.එච්.ආර් හසන්ත ආර්එස්පී පීඑස්සී සිය රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබීය.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ එතුමන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමීන් පසුගිය අගහරුවාදා ( දෙසැම්බර් මස 19 ) දින තම ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය

මෙම අවස්ථාව සදහා සන්නාහ සන්නද්ධ බළකා පුහුණු මධ්‍යස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ