Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th September 2019 15:51:10 Hours

සටන් පුහුණු පාසලේ නව සේනාවිධායක රාජකාරී අරඹයි

අම්පාර ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා සටන් පුහුණු පාසලේ 39 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් විකුම් ලියනගේ ඉකුත් සිකුරාදා (6) දින රාජකාරී ආරම්භ කරන ලදී.

පුහුණු පාසල් පරිශ්‍රයට සපැමිණි නව සේනාවිධායකතුමන් වෙත සටහන් පුහුණු පාසලේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමීය.

ඉන් අනතුරුව, නව සේනාවිධායකතුමන් සිය කාර්යාලයේදී ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් එම ධූරයේ රාජකාරී භාරගන්නා ලදී.

නව සේනාවිධායකතුමන් මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ ‘අඹ’ පැළයක් රෝපණය කළ අතර ඉන් අනතුරුව, භටපිරිස් අමතනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරී ඇතුළු පුහුණු පාසලේ අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් එක්ව සිටියහ. Sport media | Nike News