Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

09th June 2019 15:39:01 Hours

සංචාරක ඉන්දීය ගරු අග්‍රාමාත්‍යතුමන්ට විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් හී ගෞරවාචාරය

ඉන්දීය ගරු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අද ඉරිදා (9) දින උදෑසන ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි අතර එහිදී විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් විශේෂ සම්මාන ආචාර පෙළපාළියකින් එතුමන් පිළිගනු ලැබීය.

ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අද (9) දින පෙරවරුවේ නිලධාරීන් 3 ක් සහ සෙසුනිලයින් 72 දෙදෙනෙකුගෙන් සමන්විත වර්ණවත් හමුදා සම්ප්‍රදායානූකූල සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය ඉන්දීය රාජ්‍ය ප්‍රධානී වෙත මෙහිදී පුදකරනු ලැබිණී.

මෙහිදි සංචාරක ඉන්දීය අග්‍රාමාත්‍යතුමන් සමගින් විශේෂ පීඨිකාවේ රැදී සිටි ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් වෙතද එම විශේෂ සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පුද කෙරිණි.

මෙම පිළිගැනීමේ උත්සවය සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න සහ පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද සහභාගී වූහ.