Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th August 2019 20:12:55 Hours

ශුද්ධ වූ ජලය වඩ්ඩුක්කොඩෙයි වැව් ජලයට මිශ්‍ර කෙරේ

හින්දු හා බෞද්ධ ආගමික පූජකවරුන් රැසකගේ සහභාගීත්වයෙන් ඉකුත් බදාදා (14) දින පැවති ආගමික උත්සවයකදී හින්දු විශ්වාසයන්ට අනුකූලව ආගමික චාරිත්‍රයක් ලෙස බරණැස කාෂිහි පිහිටි ගංගානම් ගංඟාවෙන් (වරනාසි ගංගාව) ලබාගත් ශුද්ධ ජලය ඉන්දියාවේ වඩ්ඩුක්කොඩෙයි, සෙට්ටියර්මඩම් ප්‍රදේශයේ පෙරියතම්බිරන් පන්සල ආසන්නයේ ඇති වැවේ ජලයට එක් කරනු ලැබිණි.

මෙම ආගමික චාරිත්‍රය ඉටු කිරීම සඳහා යාපනය ශ්‍රී නාග විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මීගහජදුරේ සිරිවිමල ස්වාමීන් වහන්සේගේ සහයෝගය ඇතිව යාපනයේ මිතුරන් සහ සමාජ සේවකයන්ගේ සංගමයේ සභාපති සහ වඩුක්කොඩෙයි සමාජ සේවක ආචාර්ය සීතම්බරම්මෝහන් මහතා විසින් කාෂිහී පිහිටි ගංඟානම් ගඟේ ජලය මෙම අවස්ථාව සඳහා රැගෙන එනු ලැබිණි.

හින්දු සහ බෞද්ධ පූජකවරුන් විසින් පවත්වනු ලැබූ මෙම සරල ආගමික උත්සවය සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය, ආචාර්ය සීතම්බරම්මෝහන් මහතා, යාපනයේ ඉන්දියානු කොන්සල් ජෙනරාල් කාර්යාලයේ නියෝජිත එස්. නිරංජන් මහතා මෙන්ම ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරින් ඇතුළු සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගී විය.

බෞද්ධ බැතිමතුන් සහ හින්දු භක්තිකයන් එක හා සමානව වන්දනාමාන කරන ඉන්දියාවේ වරනාසි ප්‍රදේශයේ මෑතකදී පූජ්‍ය සිරිවිමල ස්වාමින් වහන්සේ සහ ආචාර්ය සීතම්බරම්මෝහන් මහතා විසින් සිදු කළ සංචාරයකදී මෙම කාෂි ගඟෙ ශුද්ධ වූ ජලය මෙරටට රැගෙන එනු ලැබිණි. පසුව හින්දු ආගමික වත්පිළිවෙත් වලින් අනතුරුව ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ ශුද්ධ වූ ජලය සෙට්ටියර්මඩම් වැවට එක් කරණ කරන ලදී.Adidas shoes | Nike Dunk Low Disrupt Pale Ivory - Grailify