Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th March 2020 16:05:36 Hours

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ වර්ෂික අධ්‍යයන සැසිය දේශීය හා විදේශීය විශේඥයින් සමඟින් ආරම්භ කරයි

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ වාර්ෂික අධ්‍යයන සැසියේ සමාරම්භක උත්සවය ඉකුත් සිකුරාදා (13) දින සන්ධ්‍යාවේ වෛද්‍ය උපදේශකයින්, වෘත්තීයවේදීන් සහ හමුදා වෛද්‍ය විශේෂඥයින් රැසකගේ සහභාගිත්වයෙන් දෙහිවල, අත්තිඩිය පිහිටි ඊගල්ස් ලේක්සයිඩ් (Eagles Lakeside) හෝටලයේ දී පැවැත්විණි.

මෙහි සමාරම්භක සැසියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සහභාගි වූ අතර මෙම අවස්ථාවට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති හා ගුවන් හමුදාධිපති ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ ආරාධිතයින් රැසක් ද සහභාගි වූහ.

වනය තුළ සිදුකරන වෛද්‍ය ප්‍රතිකාර (Combat Medicine), කිමිදුම් සහ හයිපර්බලික් වෛද්‍ය ප්‍රතිකාර (Diving and Hyperbolic Medicine), ගුවන් ප්‍රවාහනයේදී සිදුකරන වෛද්‍ය ප්‍රතිකාර සහ රසායනික ජීව විද්‍යාත්මක විකිරණ හා න්‍යෂ්ටික (Aviation Medicine and Chemical Biological Radiological and Nuclear), සර්ප දෂ්ට කිරීම ආශ්‍රිත ප්‍රතිකාර (related to snake bites), ස්නායු ආබාධ (nerve injuries) අක්‍රමිකතා (malignancies) ආදී වෛද්‍ය තේමාවන් ආවර්ණය වන පරිදි ඉරිදා (15) දින මධ්‍යහන දක්වා පැවැත්වෙන මෙම අධ්‍යයන සැසියේදී සාමාන්‍ය වෛද්‍ය මූලධර්ම කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම අධ්‍යයන සැසිවාරය සඳහා සහභාගි වූ දේශීය හා විදේශීය විශේෂඥයින් පොදු රෝග, වෛරස්, වෛද්‍ය තර්ජන, ක්ෂේත්‍ර පිළිබඳ දැනුවත් කිරීම්, රෝග විනිශ්චය පිළිබද පැතිකඩවල්, රෝග නිවාරණ කරුණු ආදිය පිළිබඳ ඔවුන්ගේ විශේෂඥ දැනුම හුවමාරු කරගැනීමට අපේක්ෂා කෙරේ.

මෙම සැසිවාරයට සහභාගිවන්නන්ගේ දැනුම විෂය පථය පුළුල් කිරීම සඳහා වෛද්‍ය මාතෘකා වලට අමතරව වියුක්ත ස්වරූපයෙන් විද්‍යාත්මක ගැටළු ඉදිරිපත් කිරීමට විශේෂඥයින්ට ඕනෑ තරම් ඉඩ ප්‍රාස්ථාව සැලසීමට සංවිධායකයින් බලාපොරොත්තු වේ.

මෙම අධ්‍යයන සැසිවාරයේදී වනය තුළ සිදුකරන වෛද්‍ය ප්‍රතිකාර (Combat Medicine), දිය යට සිදුකරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර (Underwater Medicine) සහ ගුවන් ප්‍රවාහනයේදී වෛද්‍ය ප්‍රතිකාර (Aviation Medicine) ඇතුළු හමුදා වෛද්‍ය විද්‍යාවේ ත්‍රිවිධ හමුදා මානයන් පිළිබඳව ද අවධානය යොමු කෙරේ. හමුදා වෛද්‍ය විද්‍යාවේ වැදගත් අංශයක් ලෙස සැලකෙන බෝ නොවන රෝග පිළිබඳ බොහෝ දැනුවත් කිරීම් පූර්ව විද්‍යාත්මක සැසියකින් සාකච්ඡා කෙරේ. තවද, මෙම සැසිවාරයට හමුදා වෛද්‍ය විද්‍යාව, හමුදා දන්ත වෛද්‍ය විද්‍යාව සහ හමුදා මනෝචිකිත්සාව පිළිබඳ සම්මන්ත්‍රණ ද ඇතුළත් වේ.

සාමාජිකයින්ගේ ක්ෂේත්‍රයේ පර්යේෂණ කටයුතු, නවෝත්පාදනයන්, පුහුණු කටයුතු හා උපදේශණ කටයුතු ප්‍රවර්ධනය කිරීම මෙන්ම හමුදා හා ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති සංවර්ධනය කිරීම හා ක්‍රියාත්මක කිරීම, සම්පත් කළමනාකරණය, ගැටළු විසදීම හා තීරණ ගැනීමේ ක්‍රියාවලින් සහ ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ සඟරාවක් ප්‍රකාශයට පත් කිරීම ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ අරමුණු වේ.

වෛද්‍ය හා දන්ත වෛද්‍ය ක්‍ෂේත්‍රයන්ට අදාළ වෘත්තිකයන් 250 කට අධික පිරිසක් මෙවර සැසිවාරය සඳහා සහභාගී වෙති. රටවල් 120 ක් නියෝජනය කරමින් ජාත්‍යන්තර හමුදා වෛද්‍ය කවුන්සිලයේ ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය මේ සම්බන්ධයෙන් වැදගත් සන්ධිස්ථානයක් වන අතර ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ විෂය පථයට එය ගුණාත්මක අවස්ථාවක් වේ. ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ වාර්ෂික අධ්‍යයන සැසිවාරයේදී සංවිධායකයින් සිය ඵලදායී සාකච්ඡා අඛණ්ඩව සිදුකරගෙන යාමට සහ විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් සමඟ හවුල්කාරිත්වයක් ඇති කර ගැනීමට අපේක්ෂා කරයි.

යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් (වෛද්‍ය) සංජීව මුණසිංහ නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ එක්ව ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ (SLCOMM) ආරම්භ කිරීමට දායක වූ අතර එහි අඛණ්ඩ ප්‍රවර්ධන වෙනුවෙන් කැපවූ අතර මෙහි පළමු අධ්‍යයන සැසිය වර්ෂ 2016 දී පවත්වනු ලැබීය. url clone | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092