Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th July 2019 23:48:33 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ පාලන පරීක්‍ෂාව මාණ්ඩලික ප්‍රධානීගේ නිරීක්‍ෂණයට

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉකුත් සිකුරාදා (12) දින අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ සංචාරයක නිරත වු අතර එහිදී, මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ විෂය පථයට ඇතුළත් වගකීමක් ලෙස රෙජිමේන්තු මූලස්ථානයේ වාර්ෂික පාලන පරික්‍ෂාව එතුමන්ගේ නිරීක්‍ෂණයට ලක්විය.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි මාණ්ඩලික ප්‍රධානී තුමන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් විසින් පිරිනැමු කඳවුරු සම්මාන මුරය පසුකරගෙන යෑමෙන් අනතුරුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් පල්ලවල විසින් මාණ්ඩලික ප්‍රධානී තුමන්ව උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. ඉන් අනතුරුව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් දෛනික ක්‍රියාපටිපාටියේ වැදගත්කම පිළිබඳ මාණ්ඩලික ප්‍රධානී තුමන්ට පැහැදිලි කරන ලදී.

ඉන් අනතුරුව, මාණ්ඩලික ප්‍රධානී තුමන් විසින් යුද්ධ හමුදාවේ පරිපාලනමය කටයුතු කාර්යක්‍ෂමව ඉටු කිරීම සඳහා සමාලෝචනය කිරීමේ වැදගත්කම පිළිබඳව සොයා බැලූ අතර යුද්ධ හමුදාවේ සහ රෙජිමේන්තුවේ යහපත උදෙසා එම පරිපාලන හා සැපයුම් ප්‍රවේශයන් අනුගමනය කළ හැකි ආකාරය විස්තරාත්මකව පැහැදිලි කළේය. පාලන පරීක්‍ෂණය හා සබැදි වෙනත් කරුණු පිළිබඳ සොයාබැලීමෙන් අනතුරුව මාණ්ඩලික ප්‍රධානී තුමන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් තැබු අතර සිංහ රෙජිමේන්තු මූලස්ථානය වෙත පැමිණිම ඇගයුමට ලක් කරමින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් සංකේතාත්මක සමරු තිළිණයක් ද එතුමන් වෙත ප්‍රදානය කළේය.

මෙම අවස්ථාව සඳහා භඨකාර්ය සම්පාදන ආඥාපති මේජර් ජෙනරාල් ගාමිණි සිරිසේන, ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අනුර සුදසිංහ, පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා, ඉඩම් දේපල හා භඨනිවාස අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ප්‍රසන්න චන්දසේකර ඇතුළු යුද්ධ හමුදා මුලස්ථානයේ අධ්‍යක්‍ෂකවරුන් සහ මාණ්ඩලික නිලධාරීන් මෙන්ම සේනාංකාධිපතිවරුන් සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මාණ්ඩලික නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගි වුහ. Running sport media | Air Jordan 1 Hyper Royal 555088-402 Release Date - SBD