Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th December 2023 20:12:14 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නත්තල් කැරොල් ගායනා වැඩසටහනක්.

නත්තල් උදාවට සමගාමීව වර්ණවත් නත්තල් කැරොල් ගායනා වැඩසටහනක් පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 22 )වන අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පවත්වන ලදී.

මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරෙල් යු.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී, සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ශ්‍යාමලී විජේසේකර මහත්මිය,ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් ඇතුළු දරුවන් සහභාගී වූහ.