Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd July 2019 16:21:13 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අරමුදලට ප්‍රතිපාදන රැස් කිරීමේ අරමුණින් ‘ගෝල්ඩන් හිට්ස්’ නැමති සංගීත ප්‍රසංගයක් පවත්වයි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අරමුදලට ප්‍රතිපාදන රැස් කිරීමේ අරමුණින් ප්‍රවීණ ගායන ශිල්පී ඇනස්ලි මාලේවන සහ ප්‍රවීණ ගායන ශිල්පිනී කොරීන් අල්මේදා විසින් ගායනා කරන ලද 1970 දශකයේ ඉමහත් රසික ආකර්ෂණයකට ලක්වූ ජනප්‍රිය ගීත ඇතුලත් සංගීත ප්‍රසංගයක් ඉකුත් ඉරිදා (21) දින මීගමුව ‘ග්‍රෑන්ඩීසා’ (Grandeeza) හෝටල් පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මෙන්ම ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ ආරාධනයකට අනුව මෙම දැවැන්ත සංගීත ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම දැවැන්ත සංගීත ප්‍රසංගයෙන් සහ වාර්ෂික ‘සිංහ මේලා’ සැණකෙළියෙන් ලැබෙන අරමුදල් නිවාස ඉදිකිරීම, වෛද්‍ය ආධාර සැපයීම, ශිෂ්‍යත්ව හා අධ්‍යාපනික උපකරණ ප්‍රදානය කිරීම, රෝද පුටු හා අත්වාරු බෙදාදීම, අධ්‍යාපන වැඩසටහන් පැවැත්වීම සහ උපදේශන ව්‍යාපෘති දියත් කිරීම ආදී සුභසාධන කටයුතු සඳහා යොදවනු ලබයි. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිනි ශිරෝමි මාසකෝරාල මහත්මිය ඇතුළු සිංහ රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා විසින් මහත් හරසරින් පිළිගන්නා ලදී. එමෙන්ම, මෙම දැවැන්ත සංගීත ප්‍රසංගය නැරඹීම සඳහා පැමිණි මීගමුව ප්‍රදේශයේ සංගීතලෝලීන් ද ඇතුළු රසික රසිකාවියන් විශාල පිරිසක් මහත් උද්දාමයට පත්වූහ. තවද, මෙම සංගීත ප්‍රසංගය අතරතුර පැවැති කුසපත් ඇදීමේ තරඟයකින් අනතුරුව තෝරාගනු ලැබූ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙත මැලේසියාව, සිංගප්පුරුව සහ බැංකොක් නුවර සංචාරය කිරීමට අවස්ථාව උදාකරමින් ගුවන් ප්‍රවේශ පත්‍ද මෙහිදී ප්‍රදානය කෙරිණි.

මෙම අවස්ථාව සඳහා මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු, මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ, නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ජගත් සෙනෙවිරත්න, අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ඒ.එම්.ආර්. ධර්මසිරි ඇතුළු අනෙකුත් රෙජිමේන්තුවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ ඔවුන්ගේ භාර්යාවන් ඇතුළු සිංහ රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් පිරිසක් ද සහභාගි වූහ.affiliate link trace | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp