Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th July 2019 11:19:22 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව උත්සවයක් පවත්වා නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හට ගෞරවාචාරය පුදකරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් වූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා හට එතුමන්ගේ මව් රෙජිමේන්තුව වන අඹේපුස්සේ පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ පැවති වර්ණවත් උත්සවයකදී උපහාර පුද කළහ. මෙම අවස්ථාව සඳහා එම රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්ගේ බිරින්දෑවරුන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් රැසක් සහභාගී වූහ.

දවසේ ප්‍රධාන ආරාධිත අමුත්තා ප්‍රධාන දොරටුව අභියසදී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක කර්නල් සුභාෂ් සිරිවර්ධන විසින් පිළිගනු ලැබූ අතර එතුමන් වෙත රෙජිමේන්තුවේ භටපිරිස් විසින් යුද හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු සම්මාන මුරයක ගෞරවනීය ආචාරය පිරිනමන ලදී.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් පල්ලවෙල විසින් එතුමන්ව සරඹ භූමීය වෙත කැටුව යන ලද අතර එහිදී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් යුද හමුදා සම්ප්‍රදායානූකූල සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවනීය ආචාරය එතුමන් වෙත පුද කරන ලදී.

අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සිංහ රෙජිමේන්තු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරිමෙන් අනතුරුව මියගිය රණවිරුවන්ට පුෂ්පෝපහාර දක්වමින් නවතමයෙන් ඉදිකරන ලද මුරකුටිය ද එම අවස්ථාවේ දී භට පිරිස්හී ප්‍රයෝජනය සඳහා විවෘත කරන ලදී.

එහිදී, බළලත් නිලධාරී හා සැරයන් නිවස්නයේ පැවති තේ පැන් සංග්‍රහයට සහභාගී වූ එතුමන් නිලධාරී නිවස්නයේ පැවති විශේෂ දිවා ආහාරය සඳහා ද එක් විය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් පාබල හමුදා මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන, ශ්‍රි ලංකා කාන්තා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක, යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ඒ.එම්.ආර් ධර්මසිරි, 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කපිල උදළුපොල ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී විය. Adidas footwear | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ