Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th June 2020 14:42:43 Hours

ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ 16 වෙනි සංවත්සරය සමරයි

එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් පිළිබඳ දැනුම ලබා දෙන එකම පුහුණු මධ්‍යස්ථානය වන කුකුලෙගඟ පිහිටි ශ්‍රි ලංකා යුද්ධ සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ 16 වන සංවත්සරය වෙනුවෙන් ආගමික හා සමාජ සේවා වැඩසටහන් කිහිපයක් දියත් කරනු ලැබීය. ශ්‍රි ලංකා යුද්ධ සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්.ඒ.ඩී.එස් ශාන්ත රණවීර විසින් ලබා දුන් මාර්ගෝපදේශ මත මෙම වැඩසටහන් මාලාව සංවිධානය කරනු ලැබීය.

ඉකුත් (12) දිනට යෙදී තිබු සංවත්සර දිනයේදී සේනාවිධායකතුමන් විසින් සියළුම භට පිරිස් ඇමතීමෙන් අනතුරුව කඳවුරු පරීශ්‍රයේ පැලයක් රෝපණය කරමින් සංවත්සරය නිමිත්තෙන් සූදානම් කර තිබු සියලු නිල දිවා භෝජන සංග්‍රහයට එතුමන් සහභාගී විය.

එදිනම සන්ධ්‍යාවේ භික්ෂූන් වහන්සේ නමක් වැඩම කරවා විශේෂ ධර්ම දේශනයක් පැවැත් වූ අතර, එම දේශණය තුළින් “සිහියෙහි වැදගත්කම සහ අධ්‍යාත්මික යහපැවැත්ම” පිළිබඳව කරුණු පැහැදිලි කළ අතර, ධර්ම දේශණය අවසානයේදී ශ්‍රි ලංකා යුද්ධ සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ හමුදා සාමාජිකයන්ට සහ සන්නද්ධ හමුදාවේ සියළුම නිලධාරීන්ට සහ සෙසුනිලයින්ට මෙන්ම පොදුවේ රට වැසියන්ට සහ රටට ද, පිං අනුමෝදන් කරමින් ආශිර්වාද කළේය.

පසු දින (13) යුද්ධ හමුදා භටයන් 60 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් කොස්ගුලන සහ කෙලින්කන්ද යන විහරස්ථාන පිරිසිදු කිරිමේ ශ්‍රමදානමයක් වැඩසටහනක් දියත් කරමින් අනවශ්‍ය කසළ හා අනෙකුත් අපද්‍රව්‍ය බැහැර කිරීමෙන් අපිරිසිදු වී තිබු විහාරස්ථානය පිරිසිදු කළහ.

ශ්‍රි ලංකා යුද්ධ සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ 16 වන සංවත්සර උත්සව අවස්ථාව සඳහා එම පුහුණු ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ශාන්ත රණවීර, ප්‍රධාන උපදේශක ලුතිනන් කර්නල් ආනන්ද සමරනායක සහ සියලුම නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සෙසුනිලයින් ද සහභාගී වූහ. මෙම අවස්ථාව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කරනු ලැබීය. affiliate link trace | Releases Nike Shoes