22nd December 2023 05:23:39 Hours
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 68 වන සංවත්සරය මෝදර, රොක් හවුස් හි එම බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 15) දින සමරනු ලැබීය.
යුධ සේවා ලේකම් සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ සංවත්සර දින උත්සව සඳහා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමූ අතර, අනතුරුව එතුමන් 64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.එස් දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් පී.එන් විජේසිරිවර්ධන ආර්එස්පී යූඑස්පී සහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.කේ.ටී ප්‍රනාන්දු ආර්එස්පී යූඑස්පී විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
උත්සව කටයුතු ආරම්භ කරමින් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපතිතුමන් විසින් රෙජිමේන්තුව ආරම්භ කිරීමට මූලිකව කටයුතු කල ජෙනරල් දේශමාන්‍ය ඩී.එස් ආටිගල එම්වීඕ අයිඩීසී පීඑස්සී ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමූහ. එහිදී එතුමන් රට වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ට උපහාර පුද කරමින් එම බලකායේ රණක්‍ෂිතයට පත්ව සිටින රණවිරුවන්ටද ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් පැමිණ සිටි විශ්‍රාමික, සේවයේ නියුතු සියලුම නිලයන් සහ සිවිල් සේවක කාර්යය මණ්ඩල සාමාජිකයින් වෙත සිය සුබ පැතුම් පිරිනැමීය.
උත්සව අවස්ථාව අතරතුර, බලකාධිපතිතුමන් විසින් හොදම වාර්ෂික කාර්ය සාධනය දැක්වූ සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තුව වෙත කුසලානය ප්‍රදානය කරන ලදී. එහිදී 4 සන්නාහ සන්නද්ධ බලකාය 2023 වර්ෂයේ විශිෂ්ටතම බලකායට හිමි කුසලානය ලබාගත් අතර, 5 සහ 1 විමර්ෂන සන්නාහ සන්නද්ධ බලකායන් 2 වන සහ 3 වන ස්ථාන හිමිකර ගත්හ.
සංවත්සර දිනයට සමගාමීව 2023 වර්ෂය තුළදී දේශීය, විදේශීය පාඨමාලා සහ ක්‍රීඩා ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ නිලධාරීන් සහ සෙසු නිලයින් වෙත සන්නාහ සන්නද්ධ බලකායේ වසර 68 ක ඉතිහාසයේ ප්‍රථම වරට බලකාධිපතිතුමන්ගේ ගෞරව සම්මාන පිරිනැමීම ද විශේෂ අවස්ථාවක් විය. එහිදී, සන්නාහ සන්නද්ධ බලකා සේවා මුක්ථ භඨ සංගමයේ සභාපති මේජර් ජෙනරල් එම්.පී. පීරිස් (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්වී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සහ එහි සාමාජිකයින් එක්ව එම බලකායේ රාජකාරි කරනු ලබන සාමාජිකයන්ගේ පවුල්වල අධ්‍යාපනය ලබන ළමුන් සඳහා ශිෂ්‍යත්ව 06 ක් ද පරිත්‍යාග කරනු ලැබූහ.
එම අවස්ථාවට සහභාගී වූ ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් විවිධ තරඟ ඉසව්වලන් ජයග්‍රහණයන් හිමිකර ගත් ක්‍රීඩකයින් වෙත ත්‍යාග සහ කුසලාන ප්‍රදානය කරන ලද අතර, ‘Armoured Corps Journal 2023’ සඟරාව එළිදැක්වීම ද එහිදී සිදුවිය.
උත්සව කටයුතු අවසන් කරමින් සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වූ අතර, සංවත්සර උත්සව අවස්ථාවට ජෙනරල් ජේ ජයසූරිය (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, ලලී කොබ්බෑකඩුව මහත්මිය, සන්නාහ සන්නද්ධ බලකායේ කීර්තිමත් විශ්‍රාමික සාමාජිකයින්, ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක්ද සහභාගී වූහ.