Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th November 2023 10:11:58 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සංවත්සර දිනයට සමගාමීව පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් 23) දින කලත්තෑව රණවිරු ස්මාරකය අභියසදී එම රෙජිමේන්තුවේ භටපිරිස් රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් අනුස්මරණය කරනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද සේවා ලේකම් සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පි වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සමඟින් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ.

මෙම උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් පී.එන්. විජේසිරිවර්ධන ආර්එස්පී යූඑස්පී සහ සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.කේ.ටී. ප්‍රනාන්දු ආර්එස්පී යූඑස්පී විසින් එම බලකායේ බලකාධිපතිතුමන් මෙම අවස්ථාව සඳහා පිළිගනු ලැබූහ.

මෙහිදී, මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පි වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ දිවංගත රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් රණවිරු ස්මාරකය අභියසදී රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් වෙනුවෙන් පුෂ්පෝපහාර පුදකළහ.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපතිතුමන් රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ සුහද පිළිසඳරක නිරත වූයේය.

වර්ෂ 2009 මැයි මාසයට ප්‍රථම එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුමේදී ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නිලධාරින් 28 දෙනෙක් සහ සෙසුනිලයන් 415 දෙනෙක් ජාතිය වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාගය කළහ.