Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th May 2020 10:38:26 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක අනුරාධපුරයේදී යුද ප්‍රවීණයන් සහ රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුන් සිහිපත් කරයි

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ඉකුත් සඳුදා (18) දින අනුරාධපුර පිහිටි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේ, 3 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සහ 7 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා මුලස්ථානයේ සංචරයක නිරත විය. එතුමන් අනුරාධපුරයේ සිදු කළ මෙම සංචාරය අතරතුර, ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව අනුරාධපුර රෝහල් වටරවුමේ පිහිටි ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව රණවිරු ස්මාරකය, අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පිහිටි රණවිරු ස්මාරකය සහ කලත්තෑව කඳවුරේ පිහිටි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රණවිරු ස්මාරකය අභියස මල් කළඹන් තබා රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරනු ලැබීය.

කොවිඩ්- 19 වෛරසය ව්‍යාප්තවීමට එරෙහිව ආරක්‍ෂක අංශ සාමාජිකයින් විසින් ඉටු කරනු ලබන වටිනා කාර්යභාරය සහ මෙම ප්‍රයත්නයේදී හමුදා සාමාජිකයින් ඇති වගකීම් පිළිබඳව එතුමන් සිය දේශනයේදී අවධාරණය කළේය. නිල ඇඳුම ඇතුළත සිටින සොල්දාදුවාගේ මානුෂීයභාවය ඉස්මතු කළ එතුමන් ජාතියේ අභිවෘද්ධිය උදෙසා ජීවිත පරිත්‍යාග කළ නිලධාරීන්ට සහ සෙසුනිලයින්ට විශේෂ උපහාරයක් දැක්වීය. affiliate tracking url | adidas Yeezy Boost 700 , Ietp