Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th December 2023 22:16:40 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ 74 වන සංවත්සර වෙනුවෙන් රණවිරු සමරුම් උත්සවයක්

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ 74 වන සංවත්සරයට සමගාමීව ගන්නෝරුව, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු පුහුණු පාසල් පරිශ්‍රයේදී පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 08) දින රණවිරු සමරුම් උත්සවයක් පවත්වන ලදී.

සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී සහභාගී වූයේය.

උත්සව අවස්ථාවට ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ විශ්‍රාමික බලකාධිපතිවරුන්, ජ්‍යේෂ්ඨ නිලධාරීන්, විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ පවුලේ සාමාජිකයින් සහභාගී වූහ.

සංවත්සර දිනයට සමගාමීව රට වෙනුවෙන් දිවිපිදූ එම රණවිරුවන් සිහිකරමින් පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 08) දින භික්ෂූන් වහන්සේලා 10 නමකට දානය පිරිනැමූ අතර, දෙසැම්බර් මස 10 සහ 11 යන දෙදින තුළ ‘පිරිත්’ සජ්ඣායනයක් සහ දානමය පිංකමක් ද පැවැත්විණි. මෙම සෑම උත්සව අවස්ථාවක් සඳහාම ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ බලකාධිපතිතුමන් සහභාගී වූයේය.

සංවත්සර දින සැමරුම් මාලාව අවසන් කරමින් හමුදා සම්ප්‍රදායානුකූල රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පැවැත්විණි.