Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th January 2024 18:30:24 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු (කාලතුවක්කු) බලඇණියේ 11 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

මින්නේරිය ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු (කාලතුවක්කු) බලඇණියේ අභිමානවත් 11 වන සංවත්සර දිනය වෙනුවෙන් පසුගිය බදාදා (ජනවාරි මස 03) දින එම කඳවුරු පරිශ්‍රයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්විණි.

එම ඒකකයේ අණදෙන නිලධාරිතුමන්ගේ උපදෙස් මත භටපිරිස් විසින් මෙම උත්සවය සංවිධානය කරනු ලැබීය.