Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th November 2016 19:49:10 Hours

ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවෙහි නික්ම යනු ලැබූ සේනාවිධායක හට සුභ පැතුම්

ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවෙහි සේනාවිධායකව සිටි මේජර් ජෙනරාල් චන්න ගුණතිලක සිය ධූරයෙන් නික්ම යෑම නිමිත්තෙන් බ්‍රහස්පතින්දා (16) දින කොස්ගම සාලාව පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ දී හමුදා සම්ප්‍රදායානුකූලව කදවුරු සම්මාන මුරයක් සහ ආචාර සම්මාන පෙළපාලියකින් සුභ පැතුම් පිරිනමන ලදී .

මේ වන විට මේජර් ජෙනරාල් චන්න ගුණතිලක යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුර හොඹවයි.

ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එච්.ඩී මහානාද සිය ධූරයෙන් නික්ම යනු ලැබූ ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක පිළිගනු ලැබීය.

ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථාන ප්‍රධාන පිවිසුම් දොරටුව අභියස දී ස්වේච්ඡා බලසේනාවේ හිටපු සේනාවිධායක වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනමමින් පිළිගැනීමෙන් පසු ආචාර සම්මාන පෙළපාලිය පිලිගැනීම සඳහා පෙළපාලි අණදෙන්නා විසින් ආරාධනා කරනු ලැබීය. අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා පෙළපාලිය නිරීක්ෂණය කරනු ලැබීය.

අනතුරුව මේජර් ජෙනරාල් චන්න ගුණතිලක විසින් සියලු නිලයින් අමතා සිය සේනාවිධායක ධූරය හෙඹවු කාලය තුල රාජකාරී සඳහා දැක් වූ නොමද සහයෝගය අගය කරමින් සියලු දෙනා වෙත සිය ස්තුතිය පිරිනැමීය. පසුව එම පරිශ්‍රයේ පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයෙන් අනතුරුව ඒ සඳහා සහභාගි වූ භට පිරිස් සමඟ අදහස් කිහිපයක් හුවමාරු කර ගැනීමට ද හිටපු සේනාවිධායක අමතක නොකළහ.

ප්‍රධාන ආරාධිත අමුත්තා සමඟ සමූහ ජායාරූපයකට පෙනී සිටීමට පෙර රෙජිමේන්තු සැරයන් මේජර් විසින් ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවෙහි සේවය සිහිගන්වමින් හිටපු සේනාවිධායක හට විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී .

අනතුරුව නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ සුභ පැතුම් මධ්‍යයේ එම ජ්‍යෙෂ්ඨ නිලධාරී ප්‍රධාන දොරටුවෙන් නික් යන ලදී.

නික්ම යනු ලැබූ ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා සේනාවිධායක වෙත එදින සන්ධ්‍යාවේ දී රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමූ අතර, එම වර්ණවත් අවස්ථාවේ දී නව සේනාවිධායක මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා විසින් නික්ම යනු ලැබූ සේනාවිධායකගේ අනාගතයට සුභ පතමින් සමරු තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබීය. එම අවස්ථාවේ දී හිටපු සේනාවිධායක විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි ද අත්සන් තබනු ලැබීය.

එම අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ නිලධාරීන්, චන්න ගුණතිල මහත්මිය, රේනුකා පෙරේරා මහත්මිය, ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් කේ. ප්‍රේමතිලක, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවෙහි මධ්‍යස්ථාන සේනාවිධායක, සම්බන්ධීකරන නිලධාරීන්, සිවිල් සම්බන්ධීකරණ නිලධාරීන්, අණදෙන නිලධාරීන් සහ අනෙකුත් ආරාධිතයින් රැසක් සහභාගි වූහ.

jordan release date | Jordan Release Dates , Iicf