Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th November 2016 16:25:20 Hours

ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨයේ කෙඩෙට් නිලධාරීන් ආසේමු බටහිර සංචාරයක

දියතලාව, ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨයේ පුහුණුව ලබන කෙඩෙට් නිලධාරීන් පිරිසක් (පාඨාමාලා අංක 83) පසුගිය දා ඔවුන්ගේ විෂය නිර්දේශයේ කොටසක් ලෙස බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සංචාරයක නිරත විය.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ මඟපෙන්වීම යටතේ එම මූලස්ථානයේ සංචාරයක නියුතු කෙඩෛට් නිලධාරීන් හට වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ජේ.තන්තිරිවත්ත විසින් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි කාර්ය භාර්යන් පිළිබඳව ඉදිරිපත් කිරීමක් ද සිදු කරනු ලැබීය.

එම සංචාරය සඳහා කෙඩෙට් නිලධාරීන් 39 දෙනෙකු, පාඨමාලා භාර නිධාරීන් 4 දෙනෙකු සහ සිවිල් කාර්යමණ්ඩලයේ 11 දෙනෙකු සහභාගි වූහ.

එම සාචාරය සිහිගන්වමින් කෙඩෙට් නිලධාරීන් විසින් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදි.

Best Nike Sneakers | Men's Footwear