13th January 2024 19:30:27 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ 2024 ජනවාරි මස 8 දින මාර්ගගත තාක්‍ෂණය ඔස්සේ එම බලසේනාව යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින් ආමන්ත්‍රණය කළේය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව වෙතින් නිලධාරින් සහ සෙසුනිලයන් වෙනුවෙන් පුහුණු වැඩසටහන් පැවැත්වීමේ වැදගත්කම පිළිබඳ මෙහිදී මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ කරුණු දැක්වූ අතර පුහුණු ක්‍රමවේදයන් වැඩිදියුණූ කිරීම සබැඳිව ද පැහැදිළි කළේය. එමෙන්ම, යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සුබසාධන පහසුකම් වැඩිදියුණු කිරීම සබැඳිවත් ඔවුන්ගේ වත්මන් ගැටලු නිරාකරණය කිරීම පිළිබඳවත් වැඩිදුරටත් අදහස් දැක්වීය.
මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.