Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th September 2019 12:04:38 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නව සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ රාජකාරී අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නව සේනාවිධායක ලෙස බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ඉකුත් සඳුදා (02) දින ආගමික වතාවත් මධ්‍යයේ කොස්ගම, සාලාව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ හමුදා සම්ප්‍රදායානුකූලව පැවැති උත්සවයකදී සිය ධූරයේ රාජකාරි කටයුතු අරඹනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය වෙත සපැමිණි නව සේනාවිධායක තුමන් වෙත ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව රාජකාරී භාරගැනිමේ උත්සවය ආරම්භ විය.

ස්වේච්ඡා බලසේනා මූලස්ථානය වෙත සපැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරාල් එල්.එෆ්. කස්තුරිආරච්චි විසින් උණුසුම් අයුරින් පිළිගෙන ප්‍රධාන පීඨිකාව වෙත කැටුවයාමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ භටපිරිස් විසින් සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති තනතුර ද හොබවන මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරී භාරගනු ලැබීය.

නව සේනාවිධායකතුමන්, මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ ‘රඹුටන්’ පැළයක් රෝපණය කරනු ලැබීය. එම අවස්ථාවේදී නව සේනාවිධායකතුමන් භටපිරිස් අමතමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ රාජකාරී සිදුකිරීම සඳහා සියලුදෙනාගේ සහයෝගය ඉල්ලා සිටියහ. තවද, එතුමන් සියලුදෙනා අමතමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ හිටපු සේනාවිධායකවරුන් ප්‍රසංශාවට ලක් කළේය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක, ප්‍රධාන මාණ්ඩලික නිලධාරී සහ සියලුම ශාඛා ප්‍රධානීන්, බ්‍රිගේඩියර් සම්බන්ධිකරණ නිලධාරීන්, කර්නල් සම්බන්ධිකරණ නිලධාරීන්, අණදෙන නිලධාරීන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානයේ සාමාජිකයින් සහ සෙසු නිලයින් විශාල පිරිසක් සහභාගි වූහ. Sports Shoes | nike fashion