Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th November 2023 10:01:23 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක ස්වෙච්ඡා බලඇණියන්හි පාලන පරික්‍ෂාව සිදුකරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටි.කේ.ආර් සිල්වා කේඑස්පී ප්‍රමුඛ එම මූලස්ථානයේ නිලධාරීන් සහ සෙසුනිලයන් කණ්ඩායමක් නොවැම්බර් මස 23 සහ 24 දෙදින තුළ ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත ස්වේච්ඡා ඒකකයන්හි වාර්ෂික පාලන පරීක්‍ෂාව සිදුකරනු ලැබීය.

මෙම පාලන පරික්‍ෂාවේදී එම ඒකකයන්හි ක්‍රියාකාරි අංශ සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම හා දියතලාව ස්වෙච්ඡා බලසේනා පුහුණු පාසල යටතේ ස්ථාපිත ඒකකයන්හි පාලන කටයුතු පිළිබඳව ද සොයාබැලීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යූඑස්පි ආර්සීඩීඑස් පීඑස්සී ගේ මඟපෙන්වීම මත මෙම පාලන පරික්‍ෂාව සිදුකරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායකතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ස්වෙච්ඡා බලසේනා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ජේ.ඒ.ජේ. ජයරත්න කේඑස්පී, බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරී බ්‍රිගේඩියර් එස්.කේ.එම්.එම්.එන්.කේ. මහන්තේ කේඑස්පී සහ කර්නල් සම්බන්ධීකරණ නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම සංචාරයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායකතුමන් ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්.ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී හමුවිය.