Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th January 2024 18:40:24 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 34 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ අභිමානවත් 34 වන සංවත්සර දිනය හමුදා සම්ප්‍රදායානුකූලව සහ ආගමික වතාවත් මධ්‍යයේ වේරහැර පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය සඳුදා (ජනවාරි මස 15) දින පැවැත්විණි. උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් පී.ඒ.සී ප්‍රනාන්දු යූඑස්පී සහභාගි විය.

බලකාධිපතිතුමන් විසින් එදින උත්සව අවස්ථාවේදී නවතමයෙන් ඉදිකරන ලද සුබසාධන වෙළඳ සංකීර්ණය සහ භටපිරිස්හි ක්‍රීඩා දක්‍ෂතා ඔප්නැංවීම අරමුණින් ඉදිකරන ලද ක්‍රිකට් පුහුණු තණ තීරුව විවෘත කරන ලදී.

උත්සව කටයුතු අවසන් කරමින් සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය.