Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th December 2023 22:41:58 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපතිතුමන් යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේ සංචාරයක.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී 2023 දෙසැම්බර් මස 24 දින ගිරිතලේ ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේ නිල සංචාරයක නිරත විය.

සංචාරයේ නිරත මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ඩී.ඩී.ඩී. සෙරසිංහ යූඑස්පී ඇතුළු නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී ගේ සුරතින් එම පුහුණු පාසල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ බළලත් නිලධාරී සහ සැරයන් නිවස්නය හා භඨනිවාසය විවෘත කරනු ලැබීය.

එම ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව එතුමන් සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පුහුණු පාසලේ දීර්ඝ කාලීන අවශ්‍යතාවයක් සපුරාලමින් ඉදිකරනු ලැබූ නව පහසුකම්වලින් සමන්විත බළලත් නිලධාරී සහ සැරයන් නිවස්නයේ නිරීක්‍ෂණ සංචාරයක නිරතවූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා බලකාධිපතිතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කරමින් වත්මන් කාලසීමාව තුළ විනයාරක්‍ෂක භටයෙකු වශයෙන් සියලුම භටපිරිස්හි සේවය පැසසුමට ලක්කරමින් ඔවුන් වෙත දූරදර්ශී මඟපෙන්වීම් ලබාදෙනු ලැබීය.

එමෙන්ම, සියලු නිලයන්ගේ විනය පවත්වාගැනීමේ වැදගත්කම, මූලික පුහුණුව, පුද්ගලික විනය, විනයාරක්‍ෂක නිලධාරීන්ගේ සහ සෙසුනිලයන්ගේ වෘත්තීය දැනුම ඉහළ නැංවීම සහ විශිෂ්ඨ කැපවූ සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව ද එතුමන් අවධාරණය කළේය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේ සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය ද සහභාගි වූහ.