Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th February 2020 14:50:04 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නව සේනාවිධායක රාජකාරී අරඹයි

පාඨමාලා අංක 19 හි කෙඩේට් නිලධාරීවරයෙකු වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්ව වසර 32 ක යුද හමුදා සේවාකාලයක් සම්පූර්ණ කර ඇති බ්‍රිගේඩියර් ඒ.කේ.ජී.කේ. ඥානනරත්න ඉකුත් සිකුරාදා (7) දින දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ 34 වන සේනාවිධායක ලෙස සිය ධූරයේ රාජකාරි භාර ගනු ලැබීය. විද්‍යාපීඨය වෙත සපැමිණි එතුමන් හමුදා සම්ප්‍රදායානූකූල කදවුරු සම්මාන ආචාර පෙළපාලිය පරික්‍ෂා කිරීමට ප්‍රථමයෙන් යුද බිමේදී දිවි පිදු වීරෝදාර රණවිරුවන්ට පුෂ්පෝපාහර දක්වන ලදී.

බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සුභ මොහොතින් සිය ධූරයේ රාජකාරී ආරම්භ කළ එතුමන් සියළුම අංශ ප්‍රධානීන් සහ මාණ්ඩලික නිලධාරීන් ඇමතූ අතර එහිදී ඔහු අපේක්‍ෂා කළේ හොඳම අපේක්ෂිත ප්‍රතිලාභ සඳහා වෘත්තීමය දැක්ම සහ කණ්ඩායම් ක්‍රියාකාරකම්හී ඇති වැදගත්කමයි. තවද අනාගතයේ දී ආයතනයේ දියුණුව වෙනුවෙන් තම උපරිම සේවය ඉටුකරන බවටද ප්‍රකාශ කරන ලදී.

නව පත්වීම ලැබීමෙන් පසු එතුමන් වෙත නියෝජ්‍ය සේනාවිධායක සහ අංශ ප්‍රධානීන් ඇතුළු ඔහුගේ සියලුම කාර්ය මණ්ඩලය නව සේනාවිධායක වෙත සුභ පැතූම් එක් කළේය. Running Sneakers Store | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp