Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th November 2023 10:04:45 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙටිකාලීන පාඨමාලා අංක - 7 සහ 8 හි දිවංගත රණවිරුවන් සිහිපත් කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙටිකාලීන පාඨමාලා අංක - 7 සහ 8 හි 30 වන සංවත්සර දිනයට සමගාමීව එම පාඨමාලාවන්හි විශ්‍රාමික සහ සේවයේ නියුතු නිලධාරීන් දිවංගත සමකාලීනයන් සිහිපත් කරමින් පසුගිය සෙනසුරාදා (නොවැම්බර් මස 25) දින එම විද්‍යාපීඨයේ රණවිරු ස්මාරකය නඩත්තු කිරීම සඳහා රු. 100,000/= ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය.

දිවංගත සමකාලීනයන් අනුස්මරණය කරමින් එම පාඨමාලාවන්හි සාමාජිකයන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.අයි. මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී වෙත මූදල් චෙක්පත පරිත්‍යාග කරනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙටිකාලීන පාඨමාලා අංක 7 සහ 8 හැදෑරූ නිලධාරීන් 19 දෙනෙකු මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් සිය ජීවිත පූජා කළහ.